මහජන ආරක්ෂාව තහවුරු කිරීම පොලිසියේ වැඩක් නෙමෙයි… ජනතාව ආරක්ෂාව සලසා ගන්න ඕන…! – නිලන්ති කොට්ටහච්චි….

September 18, 2026 at 11:28 am | by emanisa.lk

මහජන ආරක්ෂාව යනු පොලිසිය හෝ රජයේ අනෙකුත් ආරක්ෂක ආයතනවලින් හෝ ක්‍රියාත්මක කළ යුතු දෙයක් නොවන බව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීනි නිලන්ති කොට්ටහච්චි පවසයි.

මහජන ආරක්ෂාව දේශපාලන නායකත්වය, රාජ්‍ය නිලධාරීන් සහ සමස්ත මහජනතාවගේ සහභාගීත්වයෙන් ගොඩනඟාගත යුතු දෙයක් බවද මන්ත්‍රීවරිය අවධාරණය කරයි.

රට මුහුණ දී ඇති ගැටලු නිරාකරණය සඳහා එම මැදිහත්වීම අවශ්‍ය බවත් පොරොන්දු වූ ආකාරයටම සියලු දෙනා නීතියට යටත් රටක් ගොඩනගන බවත් නිලන්ති කොට්ටහච්චි පෙන්වා දෙයි.

නීතියෙන් ගැලවී සිටීමට කිසිවෙකුට නොහැකි බවත් රටින් පළා ගියද ආරක්ෂක අංශ ඒ සියලු දෙනා නීතියේ රැහැනට හසු කර ගැනීමට කටයුතු කරන බවද ඈ ප්‍රකාශ කරයි.

නිලන්ති කොට්ටහච්චි මේ බව ප්‍රකාශ කළේ උත්සව සභාවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *