ඩඩ්ලි මාලිමාණ්ඩුව පොළොන්නරුවට ගෙන්නලා දණ ගැස්සුවා… රැස්වීමට ආවේ අරලිය සේවකයෝ…!

September 17, 2026 at 5:08 pm | by emanisa.lk

ඩඩ්ලි සිරිසේන පොළොන්නරුව රැස්වීමේදී අනුර ඇතුළු ආණ්ඩුව තමන් ඉදිරියේ දණ ගැස්සූ බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන පවසයි.

පොළොන්නරුව මාලිමා රැස්වීමට පැමිණ වාඩිවී සිටි වැඩි පිරිසක් අරලිය සමූහ ව්‍යාපාරයේ සේවකයන් බවත් ඩඩ්ලි සිරිසේන ආණ්ඩුවට කනේ පහරවල් ගසන්නේ මේ ආකාරයට බවත් ඔහු පෙන්වා දෙයි.

එපමණක් නොව අරලිය සමූහ ව්‍යාපාරයේ නිලධාරීන් සියලු දෙනාම ආණ්ඩුවේ ජනහමුවට යන්නැයි පවසන පෝස්ට් සිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ ප්‍රචාරය කළ බවත් ප්‍රසාද් සිරිවර්ධන අවධාරණය කරයි.

ඩඩ්ලි සිරිසේනගේ මෝල රජයට පවරගන්න පැමිණි ආණ්ඩුවේ ඇමති බිමල් රත්නායක, ඩඩ්ලි සිරිසේන දුම්රිය නැවතුමක් විවෘත කරන විට අත්පුඩි ගසමින් සිටි බවත් වැඩ බැරි කයිය නායකලාට ඩඩ්ලි උගන්වන පාඩම ගැන සතුටු වන බවත් ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස