කොටි අනුරාධපුරෙන් නොව යාපනෙන් නැගිටී… LTTE නායක තිලීපන්ගේ පිළිරුවක් හදයි…උත්තමචාර දක්වන්න ජනතාව පෝලිමේ…!

September 17, 2026 at 10:35 am | by emanisa.lk

සිය ඉල්ලීම් පහෙන් කිසිවක් ඉටු නොවී අවසන් වූ මාරාන්තික උපවාසය ලුතිනන් කර්නල් තිලීපන් විසින් ආරම්භ කර වසර 39ක් පිරීම නිමිත්තෙන් පැවති සැමරුම්වල ප්‍රධාන අංගය වූයේ, නල්ලූර්හි අලුතින් ස්ථාපනය කරන ලද ඔහුගේ ලෝකඩ ප්‍රතිමාවයි.

කොටි සංවිධානයේ හිටපු යාපනය දිස්ත්‍රික් දේශපාලන අංශ නායක රාසයියා පතීපන් හෙවත් තිලීපන් වෙනුවෙන් යාපනය නල්ලුර් ප්‍රදේශයේ ලෝකඩ ප්‍රතිමාවක් ඉදිකර විවෘත කර තිබේ. මුල් යුගයේ කොටි සන්නද්ධ අංශයේ කටයුතු කළ තිලීපන් ප්‍රහාරයකින් බරපතළ තුවාල ලැබීමෙන් අනතුරුව දේශපාලන අංශයට යොමු කර ඇත.

ඔහු කොටි සංවිධානය වෙනුවෙන් ඉල්ලීම් 05ක් ඉදිරිපත් කරමින් යාපනය නල්ලූර් කෝවිල් බිමෙහි 1987 මරාන්තික උපවාසයක් ආරම්භ කර දින 12කට පසු මිය ගියේය.

කොටි සංවිධානයේ නායකයෙකු වූ තිලීපන් වෙනුවෙන් ස්මාරක ඉදිකිරීම සිදුවන්නේ එම සංවිධානය ශ්‍රී ලංකාවේ තහනම් සංවිධානයක් වන පසුබිමකය. මෙම කොටි ස්මාරකයට යාපනයේ පාසල් දරුවන් නිල ඇඳුමින් පැමිණ ගෞරව කරන ආකාරය දැක්වෙන වීඩියෝද සමාජ මාධ්‍යවල හුවමාරු වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *