මානව හිමිකම් ක්‍රියාකාරී, නීතිඥ නාමල් රාජපක්ෂ සිය ෆේස්බුක් පිටුවෙහි තබන ලද සටහනකි.
ලංකාවේ දේශපාලන නායකයෝ කොච්චර තක්කඩි සහ කිසිදු සහකම්පනය ක් නැති අය ද යන්න පිළිබඳ හොඳම එක තමයි පොලිස්පතිලා සහ ආණ්ඩුව තුට්ටු දෙකේ කැම්පේන් එකක් ලෑස්ති කරලා තියෙනවා ඉවත් වෙනු කියලා, දේශබන්දුගේ යුක්තිය මෙහෙයුම වගේ අඬ බෙර ගහලා නොකෙරුවත්
එයත් යටින් යනවා මත් ද්‍රව්‍ය මර්දනය කියලා ඉහළින් එන නියෝග අනුව බොරුවට කොල්ලො අල්ලලා කුඩු හඳුන්වා දී රිමාන්ඩ් කරනවා. ඒ ආකාරයෙන් රිමාන්ඩ් කර 10000කට පමණ පහසුකම් තියෙන බන්ධනාගාරවල දැන් 40000ක් ඉක්මවා රැඳවියෝ පිටි ඉතිරි දැඩි පීඩාවකින් ඉන්නවා අන්තිමට තදබදය වැඩි නිසා නොසන්සුන් තත්ත්වයන් ඇති වී රැඳවියන් මෙන්ම නිළධාරීන් ද මිය ගියා.
මේ රජය බලයට පත්වී වසර දෙකක් යැයි පාරම් බාන හර්ෂණ නානායක්කාරට මේ අහිංසක මිනිසුන්ගේ ප්‍රශ්නය විසදීම සදහා අන්තරායකර ඖෂධ පනතට කුඩා සංශෝධනයක් ගෙන ඒමට නොහැකි වුණත් අධිකරණයේ බලය විධායකයේ පිළිකන්නේ ගැට ගැසීම සඳහා 22 සංශෝධනය නම් රාජපක්ෂ පන්නයේ සංශෝධන ගෙන ඒම නම් ඉතා කඩිනමින් ගෙන එම සඳහා පියවර ගන්නා ලදී.
පොදු ජනතාවගේ ආණ්ඩුවක් කියා බලයට පත් වූ මොවුන් පොදු ජනතාව බන්ධනාගාරවල අපා දුක් විඳිමින් සිටියදී ඒ ගැන ඇහක් නොබලුවත් ව්‍යවස්ථා පිත ඒකාධිපති තත්ත්වයක් බිහිකර ගැනීම සඳහා අති විශාල මෙහෙයුමක් කරමින් සිටි. මොවුන් මොන තරම් තක්කඩි සහ කිසිදු සහකම්පනය ක් නැති කෲර මිනිසුන් කණ්ඩායමක් බව මෙයින් පෙනේ.