රටට විශාල ආයෝජන ගෙනැවිත් නිෂ්පාදන කර්මාන්ත ආරම්භ කිරීමට වෘත්තීමය හැකියාවන් සහිත ශ්‍රමය සම්පතෙහි විශාල හිඟයක් ඇතැයි ජනාධිපති අනුර දිසානායක මහතා පවසයි.
“මේ වෙලාවේ අපේ රටට අවශ්‍ය කරන ශ්‍රම සම්පත නෑ. පාරවල්වලට සල්ලි එවලා තියෙනවා. හැබැයි පාර ඇස්තමේන්තු කරන්න TO මහත්තයා ඕන. TO මහත්තුරු බඳවා ගන්න ඇප්ලිකේෂන් කැඳෙව්වාම මිනිස්සු නෑ. දැන් අපේ සමහර වැඩ ගොඩක් ප්‍රමාදයි. ඊට පස්සේ අපි කීවා විශ්‍රාම ගිය අය ගන්න කියලා.
විශාල ආයෝජකයන්ට අපි කියනවා පොළොන්නරුවේ කර්මාන්තශාලාවක් දාමු කියලා. එයලා අහනවා දැනුම හැකියාව තියෙන ශ්‍රමිකයන් ඉන්නවාද කියලා. අපි කතා කළා කර්මාන්ත ගණනාවක් ගම්වලට ගේන්න. කර්මාන්තකරුවෝ කියනවා අපට ගමට යන්න පුළුවන් ඉංජිනේරුවෝ මෙච්චර ඕන, සුපවයිසර්ලා මෙච්චර ඕන, ඉන්නවාද අහනවා. අපට උත්තර නෑ.
ප්‍රංශ භාෂාවෙන් කතා කරන ගයිඩ්ලා නෑ. හොටෙල්වලට කළමනාකරුවෝ නෑ. සූපවේදින්ගේ හිඟයක් තියෙනවා. විශාල වෘත්තීමය හැකියාවන් සහිත ශ්‍රම සම්පතේ හිඟයක් තියෙනවා.”
පසුගියදා (12) පොළොන්නරුවේ පැවති ජනහමුවක් අමතමින් ජනාධිපති අනුර දිසානායක මේ බව කීය.