වර්තමාන ආණ්ඩුව අවසාන වන්නේ විශාල ලේ වැගිරීමකින් සහ කැරල්ලකින් බවට ප්‍රකට දේශපාලන විශ්ලේෂකයෙකු වන නීතිඥ ශිරාල් ලක්තිලක අනතුරු අඟගවයි.
ජවිපෙ දේශපාලන ව්‍යාපාරයක් ලෙස ආරම්භක සමයේදී කළේ සිය දේශපාලන විරුද්ධවාදීන් වූ දයා පතිරණ සහ සම සමාජ සහ කොමියුනිස්ට් පක්ෂ සාමාජිකයන් ඝාතනය කිරීම බවද ඔහු පෙන්වා දෙයි.
දෙවනුව සිය දේශපාලන සතුරන්ට ගෞරවාන්විත අවමඟුලක් ලබා දීමද තහනම් කළ ජවිපෙ මිනීය දණ හිසින් උඩට ඉස්සීම, වළ බැඳීම ආදියද තහනහ් කළ බව ශිරාල් ලක්තිලක ප්‍රකාශ කරයි.
මේ වන විට එම තත්ත්වය පැහැදිලි ලෙස උත්සන්න නොවුණද අහිංසක මුහුණුවරකින් උස්සන්න වෙමින් ඇතැයිද එය ජනාධිපති අනුර දිසානායකගේ තීන්දු අනුව තීිරණය වනු ඇති නමුත් මේ වන විට ආණ්ඩුවේ නායකයන් ජනකාන්ත ගමන අතහැර ජවිපෙට නතු වෙමින් ඇතැයිද හෙතෙම සඳහන් කරයි.
අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එකතු වෙමින් ඔහු මේ බව කීය.