ටිල්වින් සිල්වා පන්සල් යයි… හාමුදුරුවෝ ටිල්වින්ට බණ පොතක් තෑගි කරයි…!

September 13, 2026 at 3:49 pm | by emanisa.lk

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා කොළඹ ගංගාරාම විහාරස්ථානයට පැමින විහාර නගරයේ ප්‍රගතිය ගැන සාකච්ඡා කරයි.

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා කොළඹ 02, ඓතිහාසික ගංගාරාම විහාරස්ථානය වෙත පැමිණ, කොළඹ නව කෝරලයේ ප්‍රධාන සංඝනායක, ආචාර්ය කිරින්දේ අස්සජි නායක හිමිපාණන් වහන්සේ බැහැදැක සුහද සාකච්ඡාවක නිරත විය.

මෙරට ආගමික, සංස්කෘතික හා සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රබෝධය උදෙසා ගංගාරාම විහාරස්ථානයෙන් සිදුවන සුවිශේෂී දායකත්වය මෙහිදී ටිල්වින් සිල්වා මහතාගේ ඇගයීමට ලක්විය. විශේෂයෙන්ම නවම් මහා පෙරහැර සහ ‘බුද්ධ රශ්මි’ වෙසක් කලාපය වැනි ජාතික මට්ටමේ උත්සව පැවැත්වීම මෙන්ම කොළඹට පැමිණෙන දෙස් විදෙස් බැතිමතුන්ට සහ සංචාරකයන්ට ශ්‍රී ලංකාවේ අභිමානවත් සංස්කෘතිය පිළිබඳ අවබෝධයක් ලබාදීමට විහාරස්ථානය ඉටුකරන කාර්යභාරය උන්වහන්සේ හමුවේ පැසසුමට ලක්කෙරිණි.

පසුගිය දශකය පුරා කොළඹ නගරයේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් ලෙස පවතිමින්, මෙරට සංචාරක ව්‍යාපාරයේ ප්‍රගමනයට මෙන්ම දෙස් විදෙස් රාජ්‍ය නායකයන්ගේ ගෞරවයට පාත්‍ර වූ ගංගාරාම විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් ඉදිරියේදී නිර්මාණය වීමට නියමිත “Temple City” (විහාර නගරය) ව්‍යාපෘතිය පිළිබඳවද මෙහිදී දෙපාර්ශ්වය අතර දීර්ඝ ලෙස අදහස් හුවමාරු විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *