ඉතිහාසේ ප්‍රථම වතාවට බෞද්ධයෙකුට බෞද්ධ කොඩිය අරන් පන්සලට යන්න බැරි රටක් හදලා…!

September 13, 2026 at 2:36 pm | by emanisa.lk

ඉතිහායේ ප්‍රථම වතාවට සිංහල බෞද්ධයන්ට බෞද්ධ කොඩිය රැගෙන පන්සලකට යෑමට නොහැකි තත්ත්වයක් උදාවීම පිළිබඳ කනගාටුවට පත්වන බව සිවිල් ක්‍රියාකාරික ඓශ්චර්ය ගුණරත්න පවසයි.

බෞද්ධයාගේ සංකේතය වන බෞද්ධ කොඩිය රැගෙන සිංහල බෞද්ධයන්ට වඩුන්නාගල පුදබිමට යෑමට නොහැකි තත්ත්වයක් වර්තමාන ආණ්ඩුව යටතේ උද්ගතව ඇති බවටද ඔහු චෝදනා කරයි.

බෞද්ධ කොඩිය රැගෙන බෞද්ධයන් වඩුන්නාගල පුදබිමට ගිය විට අන්‍යාගමිකයන්ගේ සිත් රිදෙන බව ප්‍රකාශ කරන අතර එම බෞද්ධ පුදබිමේ හින්දු ජනතාවට සිය ආගමික සංකේත තැන්පත් කර වන්දනා කටයුතු කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අවසර ලබා දී ඇති බවද ඓශ්චර්ය ගුණරත්න පෙන්වා දෙයි.

එහෙත් බෞද්ධයන්ට සිය ආගමික සිද්ධස්ථානය වන්දනා කර ගැනීමට පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් අවසර නොදුන් නිසා අධිකරණයේ පිහිට පැතීමට සිදු වූ බවද එහි පැවති පිරිතට බෞද්ධ කොඩිය රැගෙන යෑම ධම්මේ හවේ රක්ඛති ධම්මචාරී යැයි නිල ඇඳුමේ පැළඳ සිටින අනුර දිසානායකගේ පොලිිසිය ඉඩ නොදුන් බවද ඔහු අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස