ගොවිතැන සඳහා වඩාත් සුදුසු රසායනික පොහොර සහ කාබනික පොහොර මිශ්‍රනය බව පරීක්ෂණවලින් තහවුරු වී ඇතැයි ජනාධිපති අනුර දිසානායක පවසයි.
ඒ සඳහා වැඩටහනක් දියත් කර ඇති බවත් සියලු ගොවීන් ඒ සඳහා එකතු විය යුතු බවත් හෙතෙම අවධාරණය කරයි.
රසායනික පොහොර ඉතා ඉක්මනින් සක්‍රීය වී වැඩි කොටසක් කුඹුරේ වතුර බැඳ හැරවූ වහාම කුණු ඇළට එකතු වන බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කරයි.
එහෙයින් අප යොදවන රසායනික පොහොරින් වැඩි ප්‍රයෝජනයක් ගැනීම සඳහා නම් කාබනික මිශ්‍රනයක් යොදවා පස සාරවත් කළ යුතු බවද ඔහු වැඩි දුරටත් සඳහන් කරයි.
ජනාධිපති අනුර දිසානායක මේ බව පැවසුවේ ඊයේ (12) පොළොන්නරුවේ පැවති ගොවි සමුළුවට එකතු වෙමිනි.