හොරු ඉන්න කාලේ සෙවනගල ලාභ උපයලා ලාභාංශත් ගෙවූ බව පිළිගන්නවා…! – ඇමති සුනිල් හඳුන්නෙත්ති…

September 9, 2026 at 10:08 am | by emanisa.lk

සෙවනලගල සීනි කර්මාන්ත ආයතනය ලාභ ලබන මට්ටමට ගෙන යෑමට නොහැකි වී ඇත්තේ පැවති ආණ්ඩු ඒවා සිය පෞද්ගලික බූදලයක් යැයි සිතා කටයුතු කිරීම නිසා බව කර්මාන්ත සහ ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති ප්‍රකාශ කරයි.

ඇමති හඳුන්නෙත්ති මේ බව ප්‍රකාශ කළේ, දෙරණ 360 වැඩසටහනට (07) එකතු වෙමිනි.

එහිදී මාධ්‍යවේදී කළිඳු කරුණරත්න පෙන්වා දුන්නේ පෙර පැවති ආණ්ඩු සමයන්හි මෙම ආයතනවල හොරකම් දූෂණ වංචා නාස්තිය සිදුවූ බවට චෝදනා කළද එම යුගවල මෙම ආයතන ලාභ උපයා ඇති බවයි. එසේම ආයතන නඩත්තුවට භාණ්ඩාගාරයෙන් මුදල් ලබා නොගෙන සේවකයන්ට ලාභාංශද ගෙවා ඇති බවයි.

එහිදී ඇමති සුනිල් හඳුන්නෙත්ති ප්‍රකාශ කරන්නේ එය තමන් පිළිගන්නා බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *