මාස හතරකදී රටේ ණය කන්ද බිලියන 540කින් ඉහළට… නවතම මහ බැංකු වාර්තාවක් හෙළි කරයි…!

September 8, 2026 at 5:50 pm | by emanisa.lk

රජය විසින් ගෙවීමට ඇති සමස්ත නොපියවූ ණය ප්‍රමාණය මේ වසරේ අප්‍රේල් මාසය අවසන් වන විට රුපියල් ට්‍රිලියන 30.53ක් (බිලියන 30,533.60ක්) දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම වාර්තා පෙන්වා දෙයි.

වසර ආරම්භයේදී රුපියල් ට්‍රිලියන 29.99ක් (බිලියන 29,994.69ක්) ලෙස සටහන් වූ රජයේ මුළු ණය ප්‍රමාණය අප්‍රේල් මාසය අවසන් වන විට රුපියල් බිලියන 539.91කින් ඉහළ ගොස් තිබේ.

මෙම සමස්ත ණය බරින් රුපියල් බිලියන 18,853.43ක් දේශීය ණය වන අතර ඉන් භාණ්ඩාගාර බිල්පත් යටතේ බිලියන 2,794.07ක් ද භාණ්ඩාගාර බැඳුම්කර යටතේ බිලියන 15,756.07ක්ද වෙයි.

රජයේ සමස්ත විදේශ ණය ප්‍රමාණය ද අප්‍රේල් අවසන් වන විට රුපියල් බිලියන 11,680.17ක් දක්වා ඉහළ ගොස් ඇත. වසර ආරම්භයේදී බිලියන 11,319.36ක්ව පැවති විදේශ ණය ප්‍රමාණය මාස හතරක් ඇතුළත රුපියල් බිලියන 360කින් පමණ ඉහළ ගොස් ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *