ආණ්ඩුව බිලියන 1200ක් ඉතිරි කළ කතාවත් බොරු… ඉතිරි වුණේ වැඩිපුර ගත් ණය මුදල්…!

September 7, 2026 at 7:40 pm | by emanisa.lk

ආණ්ඩුව සිය පාලනය තුළ නාස්තිය, වංචාව, දූෂණය අවම කිරීමෙන් මහා භාණ්ඩාගාරයේ රුපියල් බිලියන 1200ක් ඉතිරි කළ කතාව සම්පූර්ණයෙන් අසත්‍යයක් බව නාගරික සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ සුමේධ රත්නායක පවසයි.

fact check වෙබ් අඩවියට අනුව එම මුදල ඉතිරි වී ඇත්තේ වැඩිපුර ලබාගත් ණය එකතු වීමෙන් බවයි, ඔහු පෙන්වා දෙන්නේ.

ඒ අනුව 2022 රුපියල් බිලියන 605ක්ද 2023 බිලියන 642ක්ද 2024 වසරේදී 131ක්ද 2025 වත්මන් ආණ්ඩුව යටතේ බිලියන 405ක්ද වැඩිපුර ණය ලබාගෙන ඇති බව සුමේධ රත්නායක ප්‍රකාශක කරයි.

එම වෙබ් අඩවිය අනුව භාණ්ඩාගාරයේ බිලියන 1200ක් ඉතිරි වී ඇත්තේ එලෙස වැඩිපුර ගත් ණය නිසා මිස ආණ්ඩුවේ කිසිදු යහගුණයක් නිසා නොවන බව ඔහු වැඩි දුරටත් අවධාරණය කරයි.

සිය ෆේස්බුක් පිටුවෙහි වීඩියෝවක් පළකරමින් සුමේධ රත්නායක මේ බව කියා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *