අනුර පටන් ගද්දිම කෙඳිරි ගාන්න එපා කිව්වා.. දැන් හුඟක් තැන්වලින් කෙඳිරිලි ඇහෙනවා…! – නිලන්ති කොට්ටහච්චි…

September 7, 2026 at 6:00 pm | by emanisa.lk

දූෂණයෙහි යෙදුණු දේශපාලකයන්ට ඔවුන්ගේ රැකවරණ යටතේ වංචා කළ රාජ්‍ය නිලධාරීන්ට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිනි නිලන්ති කොට්ටහච්චි පවසයි.

“අපි පටන් ගන්න කොටම කිව්වේ කොහොමද, අපේ අනුර සහෝදරයා කිව්වේ මේ ක්‍රමය වෙනස් කරනවා, හැබැයි කෙඳිරි ගාන්න එපා කියලා. දැන් හුඟක් තැන්වලින් අපට කෙඳිරිලි හඬවල් ඇහෙනවා.

නමුත් ඔබ වෙනස් කළ ක්‍රමය යටතේ මේ රටේ ඔබට පොරොන්දු වෙච්ච වෙනස්කම් ටික වසර දෙකක් තිස්සේ බොහෝම උපායශීලීව කරගෙන ආවා. තව ඉදිරියටත් පොහොසොත් රටක් ලස්සන ජීවිතයක් වෙනුවෙන් මේ වෙනස කරගෙන යනවා.”

නිලන්ති කොට්ටහච්චි මේ බව ප්‍රකාශ කළේ බේරුවල ඊයේ (06) පැවති ජනරැලිය අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *