නිදහසින් පසු බිහිවූ බුද්ධිමත් උතුම්ම නායකයා අපේ ජනාධිපතිතුමා… එතුමා ජනතාව වෙනුවෙන් ජීවිතය පුරදුවට තබා වැඩ කරනවා….! – නි. ඇමති අරුණ ජයසේකර…

September 2, 2026 at 3:31 pm | by emanisa.lk

නිදහසින් පසු මෙරට බිහිවූ බුද්ධිමත්ම සහ උතුම්ම නායකයා වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර පවසයි.

ජනාධිපතිවරයා සියලු තීන්දු තීරණ ගන්නේ මහ ජනතාවගේ යහපත වෙනුවෙන් බවත් රට වෙනුවෙන් තීරණ ගැනීමේදී ජනාධිපතිවරයා සිය ජීවිතය පවා අවදානමට ලක් කරමින් කැපවී කටයුතු කරන බවත් ඔහු ප්‍රකාශ කරයි.

“මාලිමාව මේ ගමන් කරන්නේ ජනතාව වෙනුවෙන් කැපවුණු ගමනක්. වත්මන් ජනාධිපතිතුමා කොතරම් බුද්ධිමත්ද, කොතරම් උතුම්ද යන්න අපට පෙනෙනවා. 1948 නිදහසින් පසු මෙවැනි බුද්ධිමත් නායකයෙකු ඔබ මීට පෙර දැක තිබේද?”

ජන හමුවක් අමතමින් ඔහු සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *