වඩුන්නාගල පුදබිමේ බෞද්ධ නටබුන් මත හින්දු දේව පූජා….!

August 29, 2026 at 2:39 pm | by emanisa.lk

උතුරු පළාතේ වවුනියාවේ පිහිටි වඩුන්නාගල බෞද්ධ පුදබිම හින්දු පූජකවරුන්ට පූජා තැබීමට ආණ්ඩුව අවසර දී ඇතැයි මතුගම සෙනෙවිරුවන් චෝදනා කරයි.

මෙම බෞද්ධ පුදබිමෙහි ඉතිහාසය ක්‍රි.පූ. 3-1 අතර අනුරාධපුර මුල් යුගය දක්වා දිව යයි. මෙහි චෛත්‍ය දෙකක නටබුන්, බුදු පිළිම කොටස්, සිරිපතුල් සහ පැරණි ගොඩනැඟිලි කොටස් ශේෂ වී ඇත.
එපමණක් නොව කටාරම් කෙටු ගල්ලෙන් මෙන්ම සෙල් ලිපිද ඇති අතර හාචාර්ය සෙනරත් පරණවිතාන මහතාගේ ‘Inscriptions of Ceylon’ ග්‍රන්ථයේ සඳහන් පරිදි එම ලෙන් මහා සංඝ රත්නයට පූජා කළ බව අදාළ සෙල්ලිපිවල දැක්වෙයි.

මතුගම සෙනෙවිරුවන් සිය ෆේස්බුක් පිටුවෙහි උක්ත ඡායාරූපය සහ පහත සඳහන් සටහන දක්වා තිබේ

“වඩුන්නාගල, බෞද්ධ පුදබිමේ පූජාවක් තැබීමට හින්දු පූජකවරු ලංකාවට ඇවිත් ද?

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මෙයට අවසර දුන්නේ ඇමතිගේ බලපෑමෙන්ද? ඉන්දීය තානාපතිගේ බලපෑමෙන්ද?”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *