රනිල්ගේ නඩුව ඇසු අපක්ෂපාතී විනිසුරුට හදිසි මාරුවක්… ලේකම් ධුරයක් දී සක්‍රීය අධිකරණ සේවයෙන් ඈත් කරයි…!

August 28, 2026 at 6:45 pm | by emanisa.lk

රටේ ඉතාමත් ආන්දෝලනාත්මක නඩු අසන කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ විනිසුරු ඉසුරු නෙත්තිකුමාර හදිසියේ ඉන් ඉවත් කර ඇතැයි සර්වජන බලය වෘත්තිය වේදීන්ගේ සංගමයේ කැඳවුම්කරු නීතිඥ නලින් පතිරණ පවසයි.

ඉසුරු නෙත්තිකුමාර යටතේ ඒ වන විටත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක, බුද්ධි අංශ ප්‍රධානි සුරේෂ් සලේ යන අයගේ නඩු විභාග වෙමින් පැවති බවද ඔහු පෙන්වා දෙයි.

අධිකරණ සේවයේ ඉතාමත් අපක්ෂපාතී විනිසුරුවරයෙකු ලෙස ප්‍රසිද්ධ ඉසුරු නෙත්තිකුමාර කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ මාස හතරක් වැනි කෙටි කාලයක් තුළ ලේකම් ධුරයක් ලබා දී එම තනතුරින් ඉවත්කර ඇති බවටද නීතිඥ නලීන් පතිරණ චෝදනා කරයි.

එම ලේකම් ධුරය ලබා දීමට ඉසුරු නෙත්තිකුමාරට වඩා ජ්‍යේෂ්ඨ මහේස්ත්‍රාත්වරුන් සිටින පසුබිමක ඉතාම අපක්ෂපාතී විනිසුරුවරයෙකු ලෙස ප්‍රසිද්ධ ඉසුරු නෙත්තිකුමාර මේ ආකාරයට සක්‍රීය අධිකරණ සේවයෙන් ඉවත් කළේ ඇයිද යන්න පිළිබඳ ජනතාව තුළ බලවත් සැකසංකා පවතින බව ඔහු ප්‍රකාශ කරයි.

සර්වජන බලය පක්ෂ මූලස්ධානයේ මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *