උතුම් මිලාද් උන් නබි දිනය වෙනුවෙන් ගම්පහ දිස්ත්රික්කයේ මුස්ලිම් පල්ලි 12ක් ප්රතිසංස්කරණය සඳහ රු. මිලියන 10ක් වෙන්කර කටයුතු කිරීමට හැකිවීම පිළිබඳ තමන්ට විශාල සතුටක් ඇති බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු ඇමති හිනිඳුම සුනිල් සෙනෙවි පවසයි.
මෙරට පවතින ජාතික උත්සව අතර නබි දිනය විශිෂ්ට උතුම් උත්සවයක් බවද ඔහු පෙන්වා දෙයි.
රජ්ය අනුග්රහය සහිතව නබි දින සැමරුම කොළඹදී පැවැත්වූයේ 1985 බවත් ඒ එවක කතානායක එම්.එච්.මොහොමඩ් මහතාගේ ප්රධානත්වයෙන් බවත් සුනිල් සෙනෙවි ප්රකාශ කරයි.
ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්රධානත්වයෙන් මෙවර ජාතික මිලාද් උන් නබි දින ජාතික සැමරුම ගම්පහ දිස්ත්රික්කයේදී පැවැත්විණි.