ශ්‍රී ලංකාව ලොව පහළම වැටුප් ලබන රටවල් 10 අතරට වැටේ…!

August 28, 2026 at 1:41 pm | by emanisa.lk

ලොව ඉහළම මාසික වැටුප් ලබන ලැයිස්තුවේ රටවල් 130ක් අතරින් 120 වැනි ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව තිබේ.

ජාත්‍යන්තර කම්කරු ආයතනයේ 2024 දත්ත පදනම් කරගෙන සිදුකළ මෙම සමීක්ෂණය අනුව දකුණු ආසියානු කලාපයේ රටවල් අතරින් ලංකාවට පසුපසින් සිටින්නේ භූතානය පමණි.

ඒ ඒ රටවල ශ්‍රමිකයන් ලබන වැටුප සහ එමගින් මිලදී ගැනීමේ හැකියාව සසඳමින් මෙම වාර්තාව සකසා තිබේ.

මෙම ලැයිස්තුවේ පළමු ස්ථානයේ රැඳී සිටින ස්විට්සර්ලන්තයේ මාසික වේතනය ඇමරිකානු ඩොලර් 3804කි. ජර්මනිය ඩොලර් 2928කද එක්සත් රාජධානිය ඩොලර් 2902කද වැටුප් වාර්තා කරමින් එහි දෙවන තෙවන ස්ථාන ලබා ගෙන ඇත.

හයිටිය, ගිනියාව, සියොරා ලියෝන්, ගැම්බියාව, ගිනිබිසව්, නයිජර් ආදී රටවල් ශ්‍රී ලංකාවට පහළින් පසුවෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *