ජාතික කොඩියේ වෙනසක් අවශ්‍ය බවට කිසිදු ප්‍රකාශයක් සිදු නොකළ බව අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ තමන් එසේ කී බවට සාවද්‍ය ප්‍රකාශ සමාජ මාධ්‍යවල හුවමාරු වන බවයි.
එ් පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර ඇතැයිද නලින්ද ජයතිස්ස ප්‍රකාශ කරයි.
අද (25) පැවති කැබිනට් තීන්දු දැනුම් දීමේ මාධ්‍ය හමුවට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.