සීමාවාසික වෛද්‍යවරුන් සඳහා නේවාසිකාගාර පහසුකම් මෙවර ලබා දී නොමැති බවට චෝදනා නැගෙයි.
අදාළ පත්වීම් ලිපියෙහි සාමාන්‍යයෙන් වෛද්‍යවරුන්ගේ දීමනාව සම නේවාසිකාගාර පහසුමක් පිළිබඳ සඳහන් වෙයි. එහෙත් මෙම ලබා දී ඇති පත්වීම් ලිපිවල නේවාසිකාගාර පහසුකම් පිළිබඳ කිසිදු සඳහනක් නොමැත.
පැය 24ක සේවාවක් වන සීමාවාසික වෛද්‍යවරුන් සඳහා මෙතෙක් නොමිලේ නේවාසික පහසුකම් හිමි විය. මෙවර සීමාවාසික පුහුණුව සඳහා සේවා ස්ථාන ලෙස රෝහල් 71ක් නම් කර තිබිණි. ඒ අතර රෝහලෙන් පරිබාහිරව පෞද්ගලික නවාතැන් සොයාගත හැකි සහ නොහැකි ස්ථාන පවතයි. පුලුවන් තැන් තියෙනවා, බැරි තැන් තියෙනවා.
වෛද්‍ය සීමාවාසිකය සම්බන්ධ වෛද්‍ය ආඥා පනතෙහිද සීමාවාසික පුහුණුව නේවාසික වෛද්‍ය සේවාවක් වශයෙන් ලැබිය යුතු බව දක්වා තිබේ.