හොරකම් වංචා දූෂණ කළේ නම් නඩුව පසුපස එන නිසා සූදානමින් සිටින්නැයි නි. ඇමති අරවින්ද සෙනරත් පවසයි.
“කුම්බලා මාළු කෑවා නම් දුක් විඳපන් බළලෝ. හොරකම් කළා නම් සූදානම් වෙලා ඉන්න, නඩුව එනව පසුපසින්. වංචා කළා නම් අපරාධ කළා නම් සූදානම් වෙලා ඉන්න, නීතිය එනවා පිටුපසින්. නඩු වැටෙනවා පවුල් පිටින්. ආච්චිට නඩු, දුවට නඩු, ලොකු පුතාට නඩු, දෙවෙනි මල්ලිට නඩු, බාල මල්ලිට නඩු, මහප්පාගේ ලොකු පුතාට නඩු, බාල පුතාට නඩු, ඇමරිකාවේ ඉන්න බාප්පාට නඩු, ජනාධිපති වෙච්චි බාප්පටත් නඩු, ඇමරිකාවේ හිටපු තානාපති මාමාටත් නඩු. මුළු පවුල් පිටින් නඩු වැටෙනවා.
එතකොට ටිකක් කලබලයි. කරන්න දෙයක් නෑ. අපි නීතියේ ආධිපත්‍යය තහවුරු කරලා තියෙනවා. ඔවුන්ටත් අධිකරණයට ගිහින් කරුණු ඉදිරිපත් කරන්න අයිතියක් තියෙනවා. තමන් වැරැද්දක් කරලා නෑ කියලා ඔප්පු කළොත් එළියට එන්න පුළුවන්. අපි ජනතාවත් එක්ක එකතු වෙලා සාක්ෂි ගොනු කරනවා, එකතු කරනවා, පෙළ ගස්සනවා, මේ නඩේ ඔක්කෝම නීත්‍යානුකූලව ඇතුළට දාන්න උවමනා වටපිටාව හදන්න ආණ්ඩුව පොර බදනවා.”
උත්සව අවස්ථාවක් අමතමින් නි. ඇමති අරවින්ද සෙනරත් මේ බව කීය.