ජනතා විමුක්ති පෙරමුණ යනු පරණ පාන් එකතු කර තැනූ පුස්නාම්බු කේක් ගෙඩියක් යැයි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න පවසයි.
“ගම් වල බේකරිවල ඉතිරි වුණ පරණ පාන් එකතු කරලා හදනවා පුස්නාම්බු කියලා කේක් එකක්. ඔන්න ඒ වගේ කේක් එකක් තමයි මේ JVP එක කියලා කියන්නේ. JVP එක මේ සැරේ මොකක්ද කරේ?
ඒ පුස්නාම්බු කේක් එකට අර NPP කියන ලස්සන අයිසිං එක දැම්මා. හරිනි කියලා ලස්සන මල්කුත් උඩින් ගැහුවා. මිනිස්සු දැනගත්තා ආ දැන් මේ පුස්නාම්බු නෙමෙයි කියලා, NPP එකට ඡන්දෙ දුන්නා.
මම මේ කතාව කරන්නේ NPP එකේ ඉන්න සාමාජික මහත්ව මහත්මියන්ට. ඔබතුමාලා මේ වගේ අතනෝමතික වැඩ කරන ආණ්ඩුවක් බලයට ගේන්නද ඡන්දෙ දීලා වැඩ කළේ?
ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මාධ්‍ය අමතමින් මේ බව කීය.