ඉංගිරිය නගරයේ පිහිටි සියලු එළවළු වෙළඳසැල් ඉරිදා දින වසා තැබීම සඳහා හොරණ ප්‍රාදේශීය සභාව මැදිහත් වී කටයුතු කරමින් ඇතැයි වාර්තා වෙයි.
ඉරිදා දින පැවැත්වෙන ඉංගිරිය සතිපොළ වෙත ජනතාව නොපැමිණීමට විසඳුමක් ලෙස මෙම තීරණය ගෙන තිබේ.
ඒ අනුව ඉරිදා දිනයට ඉංගිරිය නගරයේ සියලු එළවළු කඩ හිමියන්ට සහ පදික වෙළඳුන්ට තම ස්ථිර ව්‍යාපාරික ස්ථාන වසා ද මා පොළභූමියෙහි වෙළඳාම් කිරීමට සිදුවනු ඇත. මෙම තීන්දුව අද සිට ක්‍රියාත්මක වීමට නියමිතය.