ශිරාන් බාසික්ගේ කළු සල්ලි සුදු කළ ටියුෂන් ගුරා මෙන්න… ප්‍රශ්න පත්‍ර හොරකම් කර හිරෙත් ගිහිල්ලා…!

August 23, 2026 at 11:22 am | by emanisa.lk

ශිරාන් බාසික් නම් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවාගේ කළු සල්ලි සුදු කළ ටියුෂන් ගුරුවරයා අපොස සාමාන්‍ය පෙළ විද්‍යා ගුරුවරයෙකු වන සම්පත් අත්තටගේ බව ගවේෂණාත්මක මාධ්‍යවේදී කීර්ති රත්නායක පවසයි.

ශිරාන් බාසික්, මත් ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් කළු මුදල් භාවිත කොට වෙරළ සංරක්ෂණ නීති උල්ලංගණය කරමින් සොල් බීච් හෝටලය ගොඩ නැගුවේය. ටිරාන් සහ දේශබන්දු මෙම හෝටලය සමඟ ගනුදෙනුවක් කිරීමට උත්සාහ කළේය.

ඉන් ටිකක් දිනක පසු සොල් බීච් හෝටලය බිමට සමතලා විය.
ඉන් පසු බාසික් හා සම්බන්ධ යයි සැක කළ පුද්ගලයන් තිදෙනෙකු පසුපස පොලිසිය ලුහු බැන්දේය.
1. පියුමි හන්සමාලි
2. රිෆා කාදර් – රිෆා කාදර් නැමති සුදු කරපටි ජාවාරම් කරුවෙකි. මාලිගාවත්ත පාතාලයේ සිටි ප්‍රබලයෙකි.
3. සම්පත් අත්තටගේ – මොහු පිළිබඳ හෙලිදර්ව්ව පහතින් දැක්වේ
සම්පත් අත්තටගේ කිසිදු උසස් අධ්‍යාපනයක් නොමැතිව ටියුෂන් පන්ති කෙරූ තක්ක්ඩියෙකි. ඔහු ටියුෂන් කළේ 6 වසරේ සිට සාමාන්‍ය පෙළ දක්වාය.

විෂය පිළිබඳ දැනුමක් නැති මොහු තමන්ගේ සිසුන් පිරිස වැඩිකරගැනීමට කූට උපාය යෙදුවේය.
සෑම වසරකම විභාග දෙපාර්තමේන්තුවේ පුද්ගලයෙකුට අල්ලස් ලබා දී සාමාන්‍ය පෙල ප්‍රශ්න පත්‍රය කලින් පිටකර ගැනීම මොහුගේ උපාය අතර විය.

සම්පත් අත්තටගේ 2012 විද්‍යාව ප්‍රශ්නය හොර රහසේ ලබා ගෙන එය ටියුෂන් තමන්ගේ සිසුන්ට ලබා දුන්නේය. සම්පත් අත්තටගේ විභාගයට පෙර කූට ලෙස සැකසූ ආදර්ශ ප්‍රශ්න පත්‍රයට, රජයේ විභාග ප්‍රශ්න පත්‍රයේ තිබෙන ප්‍රශ්න 18 ක් එලෙසින්ම ඇතුල් කළේය. එම ප්‍රශ්න 18 ඔහු ස්මයිල් ෆේස් අයිකන් එක යොදා හයිලයිට් කොට තිබුණි.

2012 වසරේ දී මොහුට වැඩ වැරදුණි. ප්‍රශ්න පත්‍රය කලින් පිටකිරීම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මොහු අත් අඩංගුවට ගත්තේය. සම්පත් අත්තටගේ, ශිරාන් බාසික් ඇතුළු මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දැන හැඳින ගත්තේ බන්ධනාගරයේදීය.

Keerthi Ratnayake
FB

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස