පාර්ලිමේන්තු ආහාර බිල්පතෙහි මන්ත්‍රීවරුන් 225 දෙනාගේ පමණක් නොව සමස්ත පාර්ලිමේන්තු කාර්යමණ්ඩලයේම ආහාර වියදම ඇතුළත් බව කෝප් කමිටු සභාපති, ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර පවසයි.
එම බිල මන්ත්‍රීවරුන් 225 දෙනාගේ පමණක් ආහාර වියදම ලෙස සමාජගත වීම වැරදී බවද ඔහු අවධාරණය කරයි.
දෙරණ වාදපිටිය සංවාදයට එකතු වෙමින් නිශාන්ත සමරවීර මේ බව කීය.
ඒ අවස්ථාවේ ඊට විරෝධය පලකළ හිටපු රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර කියා සිටියේ ජනතා විමුක්ති පෙරමුණ විපක්ෂයේ සිටියදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාගේ යැයි විවේචනය කරමින් සෑදු මතවාදයම තමන් බලයට පැමිණි විට නිලධාරීන් පිට පටවා ඇඟ බේරා ගැනීම විමතියට කරුණක් බවයි.