පලෙයි කැලේ කොටි කඳවුරු කතාව බොරුවක්… කැලේ මැද තෙමහල් ගොඩනැඟිල්ලක් හදලා.. ගමට රස්සා දෙන්න ඇඟලුම් කම්හලකුත් දාලා..! – ඇමති නලින්ද ජයතිස්ස…

August 19, 2026 at 12:16 pm | by emanisa.lk

පලෙයි කැලය තුළ LTTE ත්‍රස්තවාදී කඳවුරක් පවතින බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරුණු සටහන් සම්පූර්ණයෙන්ම අසත්‍ය බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

ඊයේ (18) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමතිවරයා සඳහන් කළේ එම ස්ථානයේ කිසිදු ත්‍රස්තවාදී කඳවුරක් නොමැති බවයි.

එම රක්ෂිතයේ කොටසක් අනවසරයෙන් එළිකර තෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකර ප්‍රදේශයේ ජනතාවගේ සහභාගීත්වයෙන් ඇඟලුම් කර්මාන්තශාලාවක් පවත්වාගෙන යන බවට තොරතුරු ලැබී ඇති බවත් හෙතෙම ප්‍රකාශ කරයි.

කෙසේ වෙතත් කැලයේ කොටසක් අනවසරයෙන් එළිකිරීම සම්බන්ධයෙන් අදාළ පුද්ගලයාට එරෙහිව නඩු 07ක් පවරා ඇති බව ද අමාත්‍ය නලින්ද ජයතිස්ස වැඩි දුරටත් අනාවරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *