ආණ්ඩුවේ ජනප්‍රියතාවෙන් ලොකු පළුවක් නාය යයි… ජනතා විශ්වාසය නොසිතූ ලෙස පළුදු වෙයි… Verité Research නවතම සමීක්ෂණ දත්ත මෙන්න…

August 17, 2026 at 10:00 am | by emanisa.lk

ඉකුත් පෙබරවාරි මාසයට සාපේක්ෂව ආණ්ඩුව කෙරෙහි ජනතා අනුමැතිය 15%කින් අඩු වී ඇතැයි වෙරිටේ රිසර්ච් (Verité Research)ආයතනය පවසයි.

එම ආයතනය මගින් සිදුකළ නවතම සමීක්ෂණයකින් අනාවරණය වී ඇත්තේ පෙබරවාරි මාසයේ ආණ්ඩුව කෙරෙහි පැවති 65%ක ඉහළ ජන අනුමැතිය මේ වන විට 50%ක් දක්වා පහත වැටී ඇති බවයි.

එම 65%ක ජනප්‍රියතාව මැතිවරණයට පසු වාර්තා වූ ඉහළම අගය වන අතර එය මාස පහක් තුළ 50%කින් පහත වැටී ඇත. මෙම සමීක්ෂණයට අනුව ආර්ථිකයේ ඉදිරි දැක්ම පිළිබඳව  ජනතා මතය පෙබරවාරි මස 64%ක් වැනි ඉහළ අගයක පැවති අතර එය ජුලි වන විට 42%ක් දක්වා 22%කින් පහත වැටී ඇත.

අද වන විට රටේ පවතින ආර්ථික තත්ත්වය හොඳ හෝ නරක බව සොයා බලන ‘ආර්ථික තත්ත්වය’ කාණ්ඩයද ඉකුත් පෙබරවාරි මාසයට සාපේක්ෂව 19%කින් පහළ ගොස් තිබේ. එය පෙබරවාරී මාසයේ දී 57%ක ඉහළ අගයක තිබූ අතර මාස 5ක් ඇතුළත 38%ක් දක්වා පහත වැටී ඇත.

මේ අතර ‘රට ගැන තෘප්තිය’ පිළිබඳ ජනතා මතය ජුලි මාසයේ 38%ක් දක්වා අඩුවී ඇති අතර ඉකුත් පෙබරවාරි මාසයේදී එය 59%ක් ලෙස දැක්වුණි. මෙම නවතම සමීක්ෂණය දිවයින පුරා විසිරී පවුල් ඒකකවලට අයත් ශ්‍රී ලාංකික වැඩිහිටියන් 2013 දෙනෙකුගෙන් සමන්විත නියැදියක් ඇසුරින් 2026 ජුලි 11 – 30 කාලය තුළ පවත්වා තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස