ආණ්ඩුව දඬුවම් කිරීමේ බලය අතට අරන්… නීතිය පිටින් විරුද්ධවාදීන් දඩයම් කරනවා…! – ශිරාල් ලක්තිලක…

August 15, 2026 at 11:11 am | by emanisa.lk

රටේ විපක්ෂයට මේ වන විට සතුරන් හතර දෙනෙකු ඇතැයි ජනාධිපති අනුර දිසානායක පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර ඇතැයි නීතිඥ ශිරාල් ලක්තිලක පවසයි.

ජනාධිපතිවරයා නම් කළ ඒ සියලු දෙනා රාජ්‍ය නිලතලවලට පත්ව ඇත්තේ දේශපාලන බලපෑමෙන් බව සාක්ෂි සහිතව ඔප්පු කළ හැකි බවද හෙතෙම ප්‍රකාශ කරයි.

එලෙස දේශපාලන බලපෑමෙන් තනතුරුවලට පත්වූ අයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12’1 වගන්තිය අනුව ක්‍රියාත්මක කළ හැකිද යන්න ඔවුන්ගේ ක්‍රියාකාරීත්වයෙන් තමන් පෙන්වීමට සූදානම් බවද නීතිඥ ශිරාල් ලක්තිලක අවධාරණය කරයි.

නිදර්ශනයක් ලෙස සුගීෂ්වර බණ්ඩාරට හය වන වතාවටත් ඇප ලබා නොදී අත්අඩංගුවේ තබා ගෙන සිටියද මෙතෙක් නඩුවක් පවරා නොමැති බවත් කිසියම් චෝදනාවක් එල්ල කර ඔවුන් දේශපාලනිකව අවපැහැ ගන්වා දේශපාලනයෙන් ඉවත් කිරීමේ ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුවේ සැලසුම බවත් ශිරාල් ලක්තිලක චෝදනා කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *