ලක්ෂ 12 Vitz හීන යළි බොඳ වෙයි… සීයට 50 වාහන අධිභාරය දික් වෙයි…!

August 15, 2026 at 10:11 am | by emanisa.lk

වාහන ආනයන බදු මත රජය විසින් හෙට (15) දිනය දක්වා පනවා තිබූ 50%ක අධිභාරය එළැඹෙන දෙසැම්බර් මස 31 වන දින දක්වා දීර්ඝ කර තිබේ.

ඒ අනුව එම අධිභාරය හෙට දින සිට දෙසැම්බර් 31 වන දින දක්වා වන බලපැවැත්වෙනු ඇත.

1988 අංක 83 දරන පනතින් සංශෝධිත (235 වැනි අධිකාරය) රේගු ආඥා පනතේ 10 අ වගන්තිය යටතේ ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල මත මෙම දීර්ඝ කිරීම සිදු කර ඇත.

කෙසේ වෙතත් මෙම නියමය පසුගිය මැයි මස 15 වැනි දින හෝ ඊට පෙර ණයවර ලිපි විවෘත කරන ලද වාහන සඳහා අදාළ නොවන බවද වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *