කුඩා වගාබිම් එකතු කර විශාල ගොවි සමාගම් හදනවා… ගොවියා දෙන ඉඩම් ප්‍රමාණය අනුව සමාගමේ ලාභාංශ බෙදනවා…! – කෘෂිකර්ම ඇමති…

August 14, 2026 at 9:57 am | by emanisa.lk

මෙරට කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ව්‍යුහාත්මක වෙනසක් ඇති කිරීමේ අරමුණින් අධ්‍යක්ෂ මණ්ඩලයකින් සහ වෘත්තීය කාර්ය මණ්ඩලයකින් සමන්විත ගොවි සමාගම් ස්ථාපිත කිරීමට රජය සැලසුම් කර ඇති බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත පවසයි.

යෝජිත ක්‍රමය අනුව ගොවීන්ට තම ඉඩම් සමාගම වෙත ලබාදී එහි කොටස්කරුවන් වීමට අවස්ථාව හිමි වන අතර සමාගමේ ලාභාංශ බෙදාදීමේදී එක් එක් ගොවියා ලබාදෙන ඉඩම් ප්‍රමාණය සැලකිල්ලට ගනියි.

ඒ අනුව අක්කරයක ඉඩමක් ලබා දෙන ගොවියෙකුට එක් කොටසක් ද, අක්කර දහයක් ලබා දෙන ගොවියෙකුට කොටස් දහයක් ද වශයෙන් හිමිකාරීත්වය ලැබෙනු ඇත.

කුඩා බිම් කොටස්වල තනි තනිව වගා කිරීම වෙනුවට විශාල ගොවිපොළවල් ලෙස ගොවීන් ඒකාබද්ධ කර වෙළෙඳපොළ අවශ්‍යතාවට ගැළපෙන නිෂ්පාදන සිදු කිරීමට මෙමගින් හැකියාව ලැබෙන බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *