ඉතිහාසයේ විශාලතම ජනවරමක් ලබා දෙමින් ජනතාව වත්මන් ආණ්ඩුව බලයට පත් කළේ රටේ ආර්ථිකය ගොඩනැගීමට බවත් ඉදිරි වසර 20ක කාලය තුළ මෙම පාලනය අඛණ්ඩව පවතිනු ඇති බවත් නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ පවසයි.
පාර්ලිමේන්තුවේ ආසන 159ක අතිවිශාල බහුතරයක් ජනතාව ලබා දුන්නේ දූෂිත පාලන ක්‍රමය වෙනස් කිරීමට බවද මෙරට පැවති දූෂිත සහ බංකොලොත් දේශපාලන සංස්කෘතිය සදහටම අවසන් කර ඇති බවද හෙතෙම සඳහන් කරයි.
ඒ අනුව රජය මේ වන විටත් අපරාධකරුවන්ට දූෂිතයන්ට තරාතිරම නොබලා දඬුවම් පැමිණවීමේ ක්‍රියාවලිය ආරම්භ කර ඇති බවත් අධිකරණ පද්ධතිය ස්වාධීනව ක්‍රියාත්මක වෙමින් පවතින බවත් නි. ඇමතිවරයා ප්‍රකාශ කරයි.
රජයේ මෙම වැඩපිළිවෙළ හමුවේ විපක්ෂය දැඩි ලෙස භීතියට පත්ව ආණ්ඩුව පෙරළීමට ඔවුන් උත්සාහ කළ ද ඉදිරි වසර 20ක කාලය තුළ මෙම ආණ්ඩුව හැර වෙනත් පාලනයකට ඉඩක් නොමැති බවත් රුවන් රණසිංහ අවධාරණය කරයි.