විද්‍යාවේ දියුණුව සමග මානවයා කායික ශ්‍රමයේ සිට මානසික ශ්‍රමය දක්වා ගමන් කර දියුණුව අත්පත් කරගෙන ඇතැයි නි. අමාත්‍ය ටී.බී. සරත් පවසයි.
ඉතිහාසයේ යෝධයන් පිළිබඳ කතා කළද මේ වන විට යෝධයන් වෙනුවට බැකෝ යන්ත්‍ර, ඩොසර් ඇතුළු යන්ත්‍ර සූත්‍ර පැමිණ ඇතැයිද ඔහු පෙන්වා දෙයි.
යෝධයා එදා කළ දේ අද මැෂිම මගින් කරන නිසා මිනිසාගේ කායික ශ්‍රම අවශ්‍යතාව අඩු වී මානසික ශ්‍රමයේ වැදගත්කම ඉහළ ගොස් ඇති බවද හෙතෙම ප්‍රකාශ කරයි.
කෘෂිකර්මාන්තය උදෙසා යොදාගත හැකි මනස විසින් මෙහෙය වන විශාල යන්ත්‍ර සූත්‍ර ප්‍රමාණයක් මේ වින විට නිෂ්පාදනය කර ඇතැයිද ඒවා ලංකාවට ගෙන එ්මට චීන රජය සමග සාකච්ඡා කරමින් ඇතැයිද නි. අමාත්‍ය ටී.බී. සරත් අනාවරණය කරයි.
උත්සව අවස්ථාවක් අමතමින් හෙතෙම මේ බව කීය.