ඇමති බන්ධනාගාරෙක පස්පාගලා නෑ… සිරකරුවෝ මුණ ගැහෙන්න බයයි… දෙමාපියෝ හමුවෙලා හරි ප්‍රශ්නවලට විසඳුම් දෙන්න…!

August 10, 2026 at 4:21 pm | by emanisa.lk

බන්ධනාගාරවල මෙතරම් ගැටුම් ඇති වුවද අධිකරණ ඇමතිවරයා මෙතෙක් කිසිදු බන්ධනාගාරයකට ගොස් නොමැති එහි ප්‍රශ්න පිළිබඳ විමසා බල නොමැති බව ශ්‍රී ලංකා පොදුජන ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

“සාමාන්‍ය දැනීම පාවිච්චි කරලා බන්ධනාගාරයේ ප්‍රශ්නය විසඳාගන්න බැරි නම් අනේ ඇමතිවරයාට කියන්නකෝ ගිහින් බන්ධනාගරය ඇතුලේ බලන්න. එක බන්ධනාගාරයකටවත් ඇමතිවරයා ගිහින් නැහැ. පාර්ලිමේන්තුවේදී කියන්න එපැයි මම ගියා මෙහෙම වුණා අපි මේ වැඩේ කරනවා කියල. ඇමතිතුමා ගිහින් සාකච්ජා කරන්න රැඳවියෝ එක්ක. අහන්නකො මොනවද තියෙන ප්‍රශ්න.

අඩුම ගානේ බන්ධනාගාරයට යන්න බය නම් දෙමාපියෝ හම්බෙන්නකෝ. අම්මේ තාත්තේ මොකක්ද ප්‍රශ්නේ දරුවන්ගේ කියල. අපි කොහොමද මේකට මැදිහත් වෙන්නේ. අද කරන්න තිබුණ දෙයක් නෙවෙයි ඇමතිකම ගත්තු වෙලාවේ කරන්න තිබුණ දෙයක්. ඇමතිකම ගත්තු දවසේ ඉඳන් අද වෙනකන් බන්ධනාගාරයක් පැත්ත පළාතේ යන්නේ නැතුව කෙඳිරි ගානවා. විපක්ෂෙට බනිනවා. විපක්ෂයට චෝදනා කරනවා. ඔබතුමන්ලා අපිට කොච්චර චෝදනා කළත් අපිට කොච්චර බැන්නත් මේ රටේ ජනතාවගේ ප්‍රශ්නවලට පෙනී හිටින එක නවත්වන්නෙ නෑ අපි. අපි ජනතාව වෙනුවෙන් පෙනී හිටිනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස