දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ ජාතික ජන බලවේග මන්ත්‍රිනි යාලිනි රාජරත්නම් කැනඩාවේ කොටි ස්මාරකයකට උපහාර පිදීමට එකතු වී ඇතැයි සමාජ මාධ්‍ය වාර්තා පළ වී තිබේ.
මෙම මන්ත්‍රීවරිය දෙමළ ජන සංහාර දින සැමරුම සඳහා සිය ෆේස්බුක් ගිණුමෙහි පළකළ ඡායාරූප මෙන්ම දෙමළ ඊළාම් රාජ්‍යයේ සිතියම් සහිතව පළකළ පින්තූරද සමාජමාධ්‍යවල හුවමාරු වෙයි.
දකුණේ බහුතර සිංහල ජනතාවක් වාසය කරන පළාත් පාලන ආයතනයක් නියෝජනය කරන මන්ත්‍රීවරියක මේ ආකාරයට ප්‍රසිද්ධියේ කොටි ත්‍රස්තවාදීන් වෙනුවෙන් පෙනී සිටින බොහෝ පාර්ශ්වවල විවේචනයට ලක්ව තිබේ.