ජනාධිපති සමාජ මාධ්‍ය කටයුතු පිළිබඳ ප්‍රධානි සිසිර සෙන්පති කහවත්ත සිය ෆේස්බුක් ගිණුමෙහි තබා ඇති සටහනක් පහත දැක්වෙයි.
“ඇමෙරිකානු තීරු බද්ද (US Tariff ) 2025 සිට වරින් වර අඩුවු ආකාරය..
01. 44% – (2025 අප්‍රේල් 02)
02. 30% – (2025 ජුලි 09)
03. 20% – (2025 අගෝස්තු 07)
04. 12.5% – (2026 ජුනි 02)
05. 10% – (2026 ජුලි 24)
සජබ ආර්ථික ඔස්තාර් ආචාර්ය හර්ෂද සිල්වාගේ සිට වි.නා.ස. පේමදාස දක්වා සජබ මන්ත්‍රීවරු සහ සුන්බුන් විපක්ෂයේ ප්‍රාර්ථනාවන් සුනුවිසුනු කරමින් ජනාධිපතිවරයා ප්‍රමුඛ වත්මන් ආණ්ඩුව ජාත්‍යන්තර සබදතා මනාව කළමනාකරණය කරගනිමින් රටට හිතකර ලෙස ඇමෙරිකානු තීරු බද්ද (US Tariff) හසුරුවා ගැනීමට සමත් වු ආකාරය මෙන්න.” යනුවෙන් එහි දැක්වෙයි.
කෙසේ වුවද ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ ඇමරිකානු ජනාධිපතිවරයා පැනවූ මෙම බදු ඉවත් කරන ලද්දේ ඇමරිානු ශ්‍රේෂ්ඨාධීකරණය බවයි.