සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තුළ වසර 10 කට අධික කාලයක් පවත්වාගෙන ගිය දහම් පාසල නවතා දැමීමට ජාතික ජන බලවේග ආණ්ඩුවේ එරට තානාපති අමීර් අජ්වල් නියෝග කර ඇතැයි එරට සේවය කරන බෞද්ධ ප්‍රජාව පවසයි.
වෙසක් උත්සවයට සමගමෙීව මෙතෙක් තානාපති කාර්යාලය සංවිධානය කළ භක්ති ගීත ගායනා වැඩසටහනද නවතා දමා ඇති අතර අවසානයේ බෞද්ධයන්ට හෝටලයක එම වැඩසටහන පැවැත්වීමට සිදුවී ඇත.
ඒ ආකාරයට සෞදි අරාබියේ සේවය කරන බෞද්ධ ජනතා අයිතිය තානාපතිවරයා විසින් අහිමි කිරීම පිළිබඳව ඔවුන් අමාත්‍ය විජිත හේරත්ට ද දැනුම් දී ඇතත් ඔහු තානාපතිවරයාගේ තීන්දුව අනුමත කර ඇත.
මූලාශ්‍ර
Lanka Leader