මීගමුව බන්ධනාගාර ගැටුම අවස්ථාවේ ඇමති වගකීමෙන් වැඩ කළා… විපක්ෂයේ විශ්වාසභංගේ ආණ්ඩුව 2/3කින් පරදයි…!

July 25, 2026 at 10:13 am | by emanisa.lk

අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාරට එරෙහිව විපක්ෂ මන්ත්‍රීවරුන් විසින් ගෙන එන ලද විශ්වාසභංග යෝජනාව ඊයේ (24) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 116න් පරාජයට පත් විය.

මීගමුව බන්ධනාගාර සිද්ධියට අදාළව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයාට එරෙහිව විපක්ෂය විසින් ගෙන ආ විශ්වාස භංග යෝජනාව ඊයේ පෙ.ව 11.30 සිට ප.ව 6.00 දක්වා විවාදයට ගනු ලැබීය.

විවාදයෙන් පසු පවත්වන ලද ඡන්ද විමසීමේදී යෝජනාවට පක්ෂව ඡන්ද 36ක්ද විපක්ෂව ඡන්ද 152ක් හිමිවිය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *