හිටපු අනුරාධපුර අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමිට එල්ල වී ඇති බාල වයස්කාර දැරියක අපයෝජනය කිරීමේ චෝදනාවට සම්බන්ධ විමර්ශන තව දුරටත් ක්‍රියාත්මක බව වාර්තා වෙයි.
අදාළ දැරිය විසින් නිවසක වළදමා තිබියදී සොයාගත් ඇගේ යට ඇඳුම් සම්බන්ධයෙන් සිදුකළ DNA පරීක්ෂණයේ මූලික වාර්තාව මේ වන විට අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර එම වාර්තාවට අනුව, අදාළ යට ඇඳුම්වලින් DNA පරීක්ෂාව සඳහා යොදාගත හැකි කිසිදු ජෛව සාම්පලයක් හමු වී නොමැත.
කෙසේ වෙතත්, මෙම පරීක්ෂණ කටයුතු මෙතෙකින් අවසන් නොවන බවත්, සැකකාර භික්ෂුවගේ රුධිර සාම්පල සහ තවත් ද්‍රව්‍ය කිහිපයකට අදාළ ජෛව සාම්පල සම්බන්ධයෙන් සම්බන්ධයෙන් වන DNA පරීක්ෂණ වාර්තා ඉදිරියේදී ලැබීමට නියමිත ‘Mee Massoo TV’ යූ ටියුබ් නාලිකාවේ මාධ්‍යවේදී කල්ප ගුණරත්න ප්‍රකාශ කරයි.