විජේවීර ගැන බොරුවට කිඹුල් කඳුලු හෙළනවා… අවුරුදු 37ක් එයාගේ පවුල නඩත්තු කරන්නෙත් රජය… දැන්වත් ඒක පැලවත්ත භාරගන්න..!

July 21, 2026 at 12:40 pm | by emanisa.lk

ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීරගේ පවුලේ නඩත්තුව සහ ආරක්ෂාව සඳහා මසකට රු. 150 220ක් රජය වැය කරන බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන පවසයි.

ආරක්ෂක අමාත්‍යංශ ලිපියක් උපුටා දක්වමින් ඔහු ඉල්ලා සිටියේ තම පක්ෂ නායකයාගේ පවුල මහජන බදු මුදලින් නඩත්තු කිරීම දැන්වත් නතර කරන ලෙසයි.

සිය පක්ෂ නායකයා වෙනුවෙන් කිඹුල් කඳුලු හෙළීම නතර කළ ඔහුගේ පවුල නඩත්තු කිරීමේ වගකීම පක්ෂයට ලබා ගන්නා ලෙසද ප්‍රසාද් සිරිවර්ධන ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි.

අවුරුදු තිස් ගණනක් තිස්සේ මහජන බදු මුදලින් සිය පක්ෂ නායකයාගේ පවුල නඩත්තු කරන අතර අනෙකුත් මැති ඇමතිවරුන්ගේ වියදම් අඩු කිරීම ගැන නන්දෙඩවීමෙන් වළකින ලෙස ද හෙතෙම ආණ්ඩුවට දැනුම් දෙයි.

හිරු බලය වැඩසටහනට එකතු වෙමින් ප්‍රසාද් සිරිවර්ධන මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *