ආණ්ඩුව දේශීය ව්‍යාපාරිකයන් විනාශ කරමින් ඉන්නේ…! – නාමල් රාජපක්ෂ….

July 20, 2026 at 10:37 am | by emanisa.lk

ජාතික ජන බලවේගයේ ආණ්ඩුව දේශීය ව්‍යාපාරිකයින් වැට්ටීමේ වැඩපිළිවෙළක නිරත වෙමින් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

“දේශීය ව්‍යාපාරිකයාගේ කොඳු නාරටියට ආණ්ඩුව ගහන්න පටන් අරන් තියෙන්නෙ. ආණ්ඩුව කොළේ වහලා ගහන්නෙ. දේශීය ව්‍යාපාරිකයෙක් හිටියොත් ගහනවා. අද වෙනකොට මේ රටේ දේශීය ව්‍යාපාරිකයො කීදෙනෙක් ආණ්ඩුව අත් අඩංගුවට අරන් තියෙනවද?

මොකක් හෝ චෝදනාවක් දාලා දේශීය ව්‍යාපාරිකයෝ කීදෙනෙක්ගේ ගෙවල්වලට කඩවලට කාර්යාලවලට පැනලා කරදර කරලා තියෙනවාද? අසීමිත බද්දක් ගහලා, ව්‍යාපාර වට්ටලා, ව්‍යාපාරිකයාගෙ ආදායම නැති කරලා අවසානයේ නඩුත් දාලා හිරේත් දාලා ව්‍යාපාර වස්සවන තැනට මේ ආණ්ඩුව වැඩ කරන්නේ.

මර්දනයෙන් බයකරලා තමන්ගේ රාජ්‍ය පාලනය ගෙනියන්න ආණ්ඩුව උත්සාහ කරන්නේ. ආණ්ඩුව මතක තියාගන්න ඕනෙ ඒවාත් වැඩිදුර ගෙනියන්න හම්බවෙන්නෙ නෑ.”

නාමල් රාජපක්ෂ මේ බව පැවසුවේ ඊයේ (18) දැදිගම ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *