ශක්‍යතා අධ්‍යයන ෆේල් කතා බොරු… සැහැල්ලු දුම්රියට ජපානය ණය දෙන්න බෑ කියලා…ආණ්ඩුව බොරුවෙන් ජාමේ බේරාගනී…!

July 17, 2026 at 4:41 pm | by emanisa.lk

කොළඹ සැහැල්ලු දුම්රිය සේවා ව්‍යාපෘතිය අත්හිටුවීමට සිදුවූයේ ජපානය ඊට ණය ආධාර දීම ප්‍රතික්ෂේප කිරීම නිසා බව එක්සත් ජනරජ පෙරමුණේ කිංස්ලි පෙරේරා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ වර්තමාන ආණ්ඩුව මෙම ව්‍යාපෘතිය ශක්‍යතා අධ්‍යයනයකින් පසු අත්හිට වූ බව ප්‍රකාශ කිරීම අසත්‍යයක් බවයි.

මෙම ව්‍යාපෘතිය ආරම්භ කළේ ශක්‍යතා අධ්‍යනයකින් අනතුරුව බවත් එය නතර කිරීමට කැබිනට් අනුමැතියක් උවමනා නොමැති බවත්ය.

වර්තමාන ආණ්ඩුවේ විකාර වැඩ දකින විට ජපානය තබා කිසිදු රටක් ණය ලබා නොදෙයි. සිය ආණ්ඩුවට ජපාන රජය ණය දීමට එකඟ වූයේද යන එකම ප්‍රශ්නයට ජනාධිපති අනුර දිසානායකට හැකි නම් පිළිතුරු ලබාදෙන ලෙස අභයෝග කරන බවද කිංස්ලි පෙරේරා ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *