කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් පියතුමා මෑතකදී හමුදාපති ලසන්ත රොද්‍රිගු හමුවී නැතැයි අගරදගුරු මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමා පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් පියතුමා පෙන්වා දෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක සිදුකළ ප්‍රකාශය අසත්‍ය බවයි.
ඔහු සඳහන් කළ සමයෙහි කාදිනල්තුමා රෝම සංචාරයක නිරත වූ බවත් නැවත දිවයිනට පැමිණියේ ජුලි 03 වෙනිදා බවත් එදාමෙදාතුර කාදිනල්තුමා සහ හමුදාපතිවරයා අතර හමුවක් සිදුව නැති බවත් එහි සඳහන් වෙයි.
මෙවැනි ප්‍රකාශවල අරමුණ රට තුළ පවතින ආගමික සංහිඳියාව විනාශ කොට පටු දේශපාලන වාසි ලබා ගැනීම බවත් සිරිල් ගාමිණී පියතුමා අවධාරණය කරයි.
චාමර සම්පත් දසනායක සිදුකළ වෛරී ප්‍රකාශයට එරෙහිව නීතිමය පියවර ගැනීම මේ වන විටත් ආරම්භ කර ඇති බවද සිරිල් ගාමිණී පියතුමා එමගින් වැඩි දුරටත් ප්‍රකාශ කරයි.
(මෙම ඡායාරූප යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ, කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමි 2025 ජනවාරි මස 11 දින කොළඹ අගරදගුරු මැදුරේදී, මුණගැසී ආශීර්වාද ලබාගත් අවස්ථාවේය.)