වී සඳහා සාධාරණ මිලක් ගෙවන නිසා සැබෑ ගොවියෝ ඉන්නේ හරිම සතුටින්….! – ඇමති වසන්ත සමරසිංහ…

July 14, 2026 at 7:51 pm | by emanisa.lk

මෙරට ගොවි ජනතාව මේ වන විට ඉතාමත් සතුටින් පසුවන බව වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ ප්‍රකාශ කරයි.

එයට හේතුව රජය විසින් වී සඳහා සාධාරණ සහතික මිලක් ලබාදී මිලදී ගැනීමේ විධිමත් වැඩපිළිවෙළක් ආරම්භ කිරීම බවයි, ඇමතිවරයා පෙන්වා දුන්නේ.

“අපි 2025 වසරට වඩා රුපියල් මිලියන 10,000ක් වැඩියෙන් 2026 වර්ෂය සඳහා වෙන් කරලා තියෙන්නේ. තවම ගොයම් කැපීම පවා සම්පූර්ණයෙන් ආරම්භ වෙලා නැහැ. මෙවැනි පසුබිමක ගොවියෝ අසතුටින් ඉන්නවා කියලා කවුරුහරි කියනවා නම්, ඒ ගොවියෝ කියලා පෙනී සිටින්නේ වෙන කවුරුන් හෝ විය යුතුයි. හැබැයි සැබෑ ගොවියෝ දැන් ඉන්නේ ඉතාමත් සතුටින්.”

එමෙන්ම, රජය සක්‍රීය ලෙස වී මිලදී ගැනීමේ ක්‍රියාවලියට මැදිහත් වීම හේතුවෙන් පෞද්ගලික අංශයට ද සිය වී මිලදී ගැනීමේ මිල ගණන් ඉහළ දැමීමට සිදුව ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

සමූපකාර සාමාජික ඩිජිටල් ද්වාරය ජනගත කිරීමේ අවස්ථාවට අද (14) එක්වෙමින් මාධ්‍ය වෙත විශේෂ අදහස් දැක්වීමක් සිදුකරමින් අමාත්‍යවරයා මේ බය අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *