ශ්‍රී යුද හමුදාපති ධුරය සඳහා නැවතත් කතෝලික නිලධාරියෙකු පත්කිරීම සඳහා මේ වන විට ආණ්ඩුව සැලසුම් කරමින් ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක ප්‍රකාශ කරයි.
“හමුදාපතිගේ නිල කාලය 07 වෙනි මාසේ 2 වෙනිදායින් අවසන්. කලින් දීර්ඝ කළා. දැන් නැවත දීර්ඝ කරන්න ඉල්ලුවා. 02 වෙනිදා රෑ හමුදාපති අරන් ගියා පළතුරු වට්ටියක් කාදිනල්ගේ ගෙදරට. දැන් ඔහුගේ නිල කාලය 2027 ජනවාරි හෝ පෙබරවාරී දක්වා දීර්ඝ කරනවා.
එහෙම කළාම ඊළඟට ඉන්න මේජර් ජනරාල් නිලන්ත ප්‍රේමරත්න ඉවරයි. එයාගේ හමුදාපති හීනේ ඉවරයි. මේජර් ජනරාල් උඩුගම ගෙදර යනවා. නලීන් බණ්ඩාරනායක ගෙදර යනවා. ශාන්ත හේවගේ ගෙදර යනවා. මේ අයත් මේ රට වෙනුවෙන් වැඩ කළ මිනිස්සු. හැබැයි කාටවත් එක දවසකට හමුදාපති ධුරය ලැබෙන්නේ නෑ. ඊට පස්සේ ආයෙම එන්න ඉන්නේ ප්‍රනාන්දු කෙනෙක්.
මේ ළඟදි පාදර්ලා ගොඩක් නවතින්නේ හමුදා බංගලාවල. කෑම බීම ඇතුළු සියලු පහසුකම් හමුදාවෙන්. මේ ආණ්ඩුව යන්නේ ඒ විදිහට. මහානායක හාමුදුරුවෝ ළඟටත් ගිහින් මාස තුනකට පාරක් වැඳලා එනවා. හැබැයි වැඩේ යන්නේ කාදිනල්ට ඕන විදිහට. හමුදාපති කාදිනල්. CID කාදිනල්. සියල්ල වෙන්නේ කාදිනල් අතින්. හොඳ වෙලාවට කාදිනල් පාප් වුණේ නැත්තේ. එහෙම වුණා නම් මේක වතිකානුවක් වෙනවා.”
උත්සව අවස්ථාවක් අමතමින් චාමර සම්පත් දසනායක මේ බව කීය.