ජනාධිපති අනුර දිසානායක යනු කවුදැයි නිවැරදිව කියවා ගැනීමට හිටපු අධිකරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ අලී සබ්රි ඇතුළු විපක්ෂයට නොහැකි වී ඇතැයි ගවේෂණාත්මක මාධ්‍යවේදී කීර්ති රත්නායක පවසයි.
ඔහු මේ බව පවසා ඇත්තේ සිය ෆේස්බුක් පිටුවෙහි සටහනක් තබමිනි.
“පසුගිය 77 වසර පුරාවට ලංකාව පාලනය කළේ දක්ෂිණාංශික පක්ෂ දෙකකි. ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය කියා දෙපිලකට බෙදුනේ එකම කණ්ඩායමකි.
දක්ෂිණාංශිකයන්ගේ පාර්ලිමේන්තුව රොබට් නොක්ස් ලියු “එකගෙයි කෑමට” දෙවැනි නැත.
මැතිවරණ වේදිකාවේදී අනෙකා කළ සොරකම් සහ අපරාධ පතුරු ගැහුවද බලය ලැබුණු පසු යට කී අපරාධ විභාග කළේ නැත.
එපමණක් නොව අනෙකා කළ අපරාධ කාපට් එක යටට දැමූහ. ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ අය අන්නෝන්‍ය සුහදත්වයෙන් එකිනෙකාගේ පිට කහගත්හ. අනුර එම ක්‍රමය වෙනස් කළේය.
අනුර මේ ගේම ගසන්නේ, බලය සදාකාලික බව නොදැන නොවේ, තනතුරු සදාකාලික බව නොදැන නොවේ. අද ආණ්ඩුව හෙට විපක්ෂය වන බව නොදැන නොවේ.
අද චෝදනා නගන්නා හෙට චෝදනා ලබන්නා විය හැකි බව නොදැන නොවේ. අද ඔබේ ප්‍රතිවාදියා හෙට ඔබ වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටින නීතිඥයා විය හැකි බව නොදැන නොවේ.
අලි සබ්රි පමණක් නොව සමස්ත විපක්ෂයම අනුර නම් දේශපාලන සත්ත්වයා හරියට කියවාගෙන නැති බව පෙනී යයි.”
කීර්ති රත්නායක
FB