මෙම යල කන්නයේදී පවතින මිලට වී මිලදී ගත්තද මහ කන්නයේදී රජය මිලදී ගන්නා වී කිලෝවක් වෙනුවෙන් වත්මන් මිලට වඩා වැඩි සහතික මිලක් ගොවියාට ලබාදීමට කටයුතු කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය ඇමැති, නාමල් කරුණාරත්න පවසයි.
රජය මෙම කන්නය සඳහා වී මිලදී ගැනීමේදී ගොවියාට වඩා සාධාරණ මිල ගණන් ඉදිරිපත් කර ඇති බවත්, ඒ අනුව පෙර කන්නවල රුපියල් 90ට වේළු වී කිලෝව විකුණූ ගොවියාට රුපියල් 120-130ත් අතර මිලක් ලබාදීමට වත්මන් රජය ක්‍රියාකරන බවත් නියෝජ්‍ය ඇමැතිවරයා සඳහන් කරයි.
ගොවියාට ලබාදුන් පොහොර සහනාධාරය දෙගුණ කිරීම මෙන්ම, රජය විශාල පාඩුවක් දරමින් සහන මිල ගණන් යටතේ පොහොර අලෙවි කිරීම ද සිදුකරමින් පසුවන බවද හෙතෙම පෙන්වා දෙයි.
මෙවර අස්වනු නෙළීමේ දී පිරිවැය වැඩි වී ඇති බව තමන් පිළිගන්නා බවත්, ඊට සාපේක්ෂව ගොවියාට සහන ලබාදී ඇති බවත්, එබැවින් වී සඳහා නිකුත් කර ඇති සහතික මිල අසාධාරණ නොවන බවත් ඔහු ප්‍රකාශ කරයි.