වී කිලෝවක් රු. 150ට මිලට ගතහොත් හාල් කිලෝවක නිෂ්පාදන වියදම පමණක් රු. 240ක් වන නිසා හාල් කිලෝවක් ජනතාවට අලෙවි කරන්නේ කුමන මිලකටදැයි කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණරත්න ප්‍රශ්න කරයි.
“විපක්ෂය කියනවා වී කිලෝවක් රු. 150ක් කරන්න ඕන කියලා. වී කිලෝ 1.6ක් ඕන හාල් කිලෝ එකක් හදන්න. වී කිලෝවක පිරිවැය බලන්න 150 වැඩි කරන්න ඕන 1.6න්. එතකොට වී කිලෝවක නිෂ්පාදන පිරිවැය විතරක් වෙනවා රු. 240ක්.
ඊට පස්සේ මේකට එකතු කරන්න ඕන, තොග මිල, සිල්ලර මිල. මේ පිරිවැය එකතු වුණාට පස්සේ හාල් කිලෝවක් කීයක් වෙනවාද? අපි අහන්න කැමතියි විපක්ෂෙන් එයලාගේ ආණ්ඩුවක් තිබුණා නම් වී කිලෝවක් 150ක් කරනවාද? හාල් කිලෝවක් කීයටද දෙන්නේ කියලා.
අපි පාරිභෝගික ජනතාවට පණිවිඩියක් දෙනවා, විපක්ෂේ අය ආණ්ඩුවක් හැදුවොත් හාල් කිලෝවක් කීයටද ගන්න වෙන්නේ කියලා හිතන්න කියලා.”
මාධ්‍ය ඇසූ පැනයකට පිළිතුරු ලබා දෙමින් නි. ඇමති නාමල් කරුණාරත්න මේ බව කීය.