සහරාන්ගේ ත්‍රස්ත ක්‍රියා ගැන බුද්ධි වාර්තා කිසිවක් රවී-ශානි විමර්ශන නිලධාරීන්ට ලබාදී නෑ….! – ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන….

July 12, 2026 at 7:28 pm | by emanisa.lk

මහනුවර ඇසළ පෙරහැරට ප්‍රහාරයක් එල්ල කර සිංහල සහ මුස්ලිම් ප්‍රජාව අතර නොසන්සුන්තාවක් ඇති කිරීම සහරාන් හෂීම් ප්‍රමුඛ තවුහිද් ජමාද් කණ්ඩායමේ අරමුණ වූ බව ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ පාස්කු ප්‍රහාරයේ විමර්ශනවලට අදාළව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සූරේෂ් සලේ ඉදිරිපත් කළ පෙත්සම අභියාචනාධිකරණය හමුවේ ඊයේ(10) යළි සලකා බැලූ අවස්ථාවේය.

එහිදී ජනාධිපති නීතිඥවරයා පැවසුවේ සහරාන් හෂීම් විසින් ඉස්ලාමීය රාජ්‍යයක් බිහිකිරීම සඳහා වූ සිය සැලැස්ම 2018 වසරේ සිට ක්‍රියාත්මක කර තිබෙන බව ජනක් ද සිල්වා කොමිසම හමුවේ අනාවරණය වී තිබෙන බවයි.

2019 ජනවාරි මස 25 වනදා සිට අප්‍රේල් මස 20 වනදා දක්වා සහරාන් හෂීම් ඇතුළු තව්හීද් ජමාත් සංවිධානය සිදුකළ සහ සිදුකිරීමට නියමිත අන්තවාදී ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයේ එවක අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන විසින් පොලිස්පතිවරයාට වාර්තා යොමු කර තිබෙන බවද ඔහු සඳහන් කළේය.

එහි පිටපත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න සහ අධ්‍යක්ෂ ශානි අබේසේකර වෙත යොමු කර ඇති බවත්, එහෙත් ඒවා වැළැක්වීමට ඔවුන් කිසිම පියවරක් නොගත් බවත් එහිදී ජනාධිපති නීතිඥවරයා අනාවරණය කළේය.

ඔවුන් එම වාර්තා අන්තවාදී ක්‍රියාකාරකම් පිළිබඳ විමර්ශන සිදු කරන නිලධාරීන්ටද ලබාදී නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කළ වාසල තන්ත්‍රිගේ ඩයස් පද්මසිරි නමැති නිලධාරීයා ලබාදී ඇති ප්‍රකාශයේ සඳහන් කර ඇති බවත් ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන හෙළි කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස