ආණ්ඩුව මන්ත්‍රීවරුන්ට හිමි ප්‍රභූ ආරක්ෂාව අහිමි කරන බව ප්‍රකාශ කළද පක්ෂ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 13 දෙනෙකු සඳහා තව දුරටත් ප්‍රභූ ආරක්ෂාව ලබාදෙන බව වාර්තා වෙයි.
සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන ප්‍රභූ ආරක්ෂාව ලබාදෙන පිරිස පිළිබඳ විමසූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස අදාළ තොරතුරු සභාගතකර තිබිණි.
ඒ අනුව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හිටපු කතානායක අශෝක රන්වල, සරත් කුමාර, අජිත් ශාන්ත, රුවන් විජේවීර, තිලංක යූ. ගමගේ, සුනිල් බියන්විල, දිනේෂ් හේමන්තට ප්‍රභූ ආරක්ෂාව සපයා ඇත.
එසේම සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම්, රංජිත් මද්දුමබණ්ඩාර, එච්.එල්. ධර්මසේන, දෙමළ ජාතික සන්ධානයේ ශානික්කියන් රාසමානික්කම්, ශ්‍රීධරන්, එස්. අඩෙයිකිලනාදන් යන අයටද ප්‍රභූ ආරක්ෂාව හිමිය.
අමතරව ගලගොඩඅත්තේ ඥානසාර හිමි, කරූ ජයසූරිය, විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන්, හිටපු පොලිස්පතිවරුන් වන එන්.කේ. ඉලංගකෝන්, පූජිත ජයසුන්දර, දේශබන්දු තෙන්නකෝන්, හිටපු බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය යන අයටද ප්‍රභූ ආරක්ෂාව හිමිය.