කිසි දිනක ස්ථිර රැකියාවක් නොකළ නියෝජ්‍ය අමාත්‍ය ටීබී සරත් සිය මහ ගෙදර පිටුපස තට්ටු තුනකින් සමන්විත දැවැන්ත නිවසක් ඉදිකර ඇති බවට ගොවි සංවිධාන නියෝජිතයෝ චෝදනා කරති.
තමන් සමඟ පීඩිත පන්තියේ එකට සිටි පුද්ගලයෙකු මෙවැනි දැවැන්ත නිවසක් ඉදිකිරීමට මුදල් සොයාගත් ආකාරය නොදන්නා බවද ඔවුහු පවසති.
පොළොන්නරුවේ පැවති ගොවි විරෝධතාවක් අතර මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම නියෝජිතයෝ මේ බව ප්‍රකාශ කළහ.